Tuesday, March 19, 2024

General line - 0115112241

ඔබත් ලිංගික අල්ලසට එරෙහි වන්න




ලංකාවේ හැමතැනම කතා වෙන්නේ අල්ලස ගැන. ලොකු පොඩි හැමෝම මේ ගැන විවිධ දේවල් කතා වෙනවා. වැඩක් කරගන්න ගියත්, උදව්වක් ඉල්ලන් ගියත් ලංකාවේ සිද්ධවෙන මේ අල්ලස ගැන ඉදිරියට ඇවිත් කතා කරන්න ඉන්නේ හරිම සීමිත පිරිසක්.

මුදල්මය වශයෙන් විතරක් නෙවෙයි බොහෝ දුරට කාන්තාවන්ට මුහුණ දෙන්න වෙන ලිංගික අල්ලස් ඉල්ලීම මේ අතර වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන්නේ ඒ ගැන බොහෝ කාන්තාවන් ඉදිරියට ඇවිත් කතා කරන්න මැලිකමක්, ලැජ්ජාවක් දක්වන නිසා.

නීතිය ඉදිරියට ගියත් මේ තුළින් ඔවුන්ට පිළිසරණක් ලැබෙන අවස්ථා අඩුයි කියලයි ඔවුන් හිතාගෙන ඉන්නේ. නමුත් මේ ගැන ඔබට විවෘතව කතා කරන්න අවස්ථාවක් දැන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ලබාදීලා තියෙනවා. ඔබට කරන්න තියෙන්නේ ඔබට සිද්ධ වුණු මොනයම් හෝ ලිංගික අල්ලස් ලබාගැනීමක් ගැන හෝ ඒ සඳහා යොමු කරවා ගන්න පෙළඹුණු සිද්ධීන් තියෙනවා නම් මෙම ආයතනය දැනුවත් කරන එක.

ඒ වෙනුවෙන් ඔවුන් ඔබටම වෙන්කරපු විශේෂ දුරකථන අංකයක් ලබාදීලා තියෙනවා. 077 3406212 මේ අංකයෙන් ඔබට ඒ පිළිබඳව නීතිමය උපදෙස් ලබාගන්න පුලුවන්.