Friday, April 26, 2024

General line - 0115112241

කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක්




කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ තැන්පත් කර ඇති ගබඩාවේ හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කලේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ විමර්ශනයක් සිදුකරන බවත් සිද්ධිය වූ ස්ථානයට රජයේ රස පරික්ෂකවරයා කැඳවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සහ රථ වාහන හැසිරිවිම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.