Saturday, April 27, 2024

General line - 0115112241

අමෙරිකා චෝදනා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

පවිත්‍රා මදුහර්ෂණි




අමෙරිකාව පිලිබද ඔත්තු බැලූ බවට පලවන වාර්තා ඊශ‍්‍රායලය තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ අදාල චෝදනා සාවද්‍ය බවයි. 

ධවල මන්දිරය ආසන්නයෙන් ඔත්තු බැලිමට යොදාගන්නා බවට සැකකටයුතු උපකරන කිහිපයක් සොයා ගැනිම පිටුපස ඊශ‍්‍රායලය සිටින බවට අමෙරිකාවේ හිටපු රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරින් තිදෙනෙකු පැවසු බවටයි අදාල වාර්තාව කරුණු ඉදිරිපත් කර ඇත්තේ. 

ඊශ‍්‍රායලය සිය රට පිලිබද ඔත්තු බලන බව පිලිගැනිමට රජය අකමැති බවයි අදාල නිලධාරින් චෝදනා කරන්නේ. කෙසේවෙතත් අදාල උපකරන හරහා කිසියම් පාර්ශවයක් ඔත්තු බැලිමට උත්සහ දැරුවේ නම් එම ප‍්‍රයත්නය සාර්ථකවුයේද යන්න මෙතෙක් අනාවරණ වි නැහැ.  

රටවල් සම්බන්ධයෙන් ඔත්තු බලන බවට ඊශ‍්‍රායලයට නිරන්තරයෙන් චෝදනා එල්ල වනවා. එසේම බහුතර බලය සහිතව රජයක් පිහිටුවා ගැනිමට අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අසමත් විම හමුවේ ඊශ‍්‍රායලය මේවනවිට සිටින්නේද දැඩි දේශපාලන අර්බුදයක් මධ්‍යයේයි.