Friday, April 26, 2024

General line - 0115112241

ටියුනීසියාවත් අලුත් ජනාධිපතිවරයෙක් හොයයි

තරංග රුක්ෂාන් ජයසේකර




ආරබි වසන්තයෙන් පසු බිහි වූ ලොව නවතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය වන උතුරු අප්‍රිකාවේ ටියුනීසියා රාජ්‍යයේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. ඒ සඳහා ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටි ඡන්ද දායකයින් සංඛ්‍යාව මිලියන 07ක්. ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 26 දෙනෙකු තරග වැද සිටිනවා. ඒ අතරට කාන්තාවන් දෙදෙනෙකුද අයත්. 

හිටපු ජනාධිපති බෙන් අලී ධුරයෙන් පහ කරමින් 2011 වසරේ ක්‍රියාත්මක වූ ආරබි වසන්තයෙන් පසු එරට පැවැත්වෙන දෙවන නිදහස් මැතිවරණය මෙයයි. ඉකුත් ජූලි මාසයේදී 92 හැවරිදි වියේ පසු වූ එරට හිටපු ජනාධිපතිවරයා මිය යාම හේතුවෙන් මෙලෙස මැතිවරණයක් පැවැත්වීමට හේතු වූණා.

2014 වසරේ ජනාධිපති ධුරයට පත් වු බෙජී එසෙබ්සී නම් වූ ඔහු එරට පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේ තේරී පත්වූ  ජනාධිපතිවරයායි. එමෙන්ම එවකට ලොව පාළන බලයේ සිටි වයස්ගතම රාජ්‍ය නායකයා වූයේද ඔහුයි.