Friday, April 26, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක දුරකථන සංවාදය ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්

කසුන් කැලුම්




අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් සම්බන්ධයෙන් මූලික විනය පරීක්ෂණයක් සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ, ඇය සහ ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර ඇතිවූ දුරකථන සංවාදය සම්බන්ධයෙන්.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් මෙම දුරකථන සංවාදයේදී පවසා සිටියේ දේශපාලන අවශ්‍යතා මත ඇවන්ගාඞ් සමාගමට නඩු දැමීම පිළිබඳ තමන් කණගාටු වන බවයි. මෙම දුරකථන සංවාදය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙලෙස අදහස් පළ කළා.

මෙම දුරකථන සංවාදය පිළිබඳ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් සහ වත්මන් සොලිසිටර් ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් පවසන්නේ, රාජ්‍ය සේවකයෙකු වශයෙන් මෙම දුරකථන සංවාදය පිළිබඳව මහජනතාවට පැහැදිලි කිරීමක් කළ නොහැකි බවයි. මෙම දුරකථන සංවාදය විකෘති කර ඇති හෙයින් මෙහි මුලු සංවාදයම නිදහස් කරන ලෙස ඇය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇවන්ගාඞ් සමාගමේ සභාපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මේ අතර කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ පැවසුවේ, තමන් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් ද කරුණු විමසීමක් සිදු කරන බවයි.