Friday, April 26, 2024

General line - 0115112241

"බුර්කා තහනම ඉවත් කිරීම ගැටලුවක්" - ශ්‍රීපනිපයත් ආණ්ඩුවේ ඇමතිවරයෙකුත් කියයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීමට රජය ගත් තීරණය ජාතික ආරක්‍ෂාවට ගැටළුවක් බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.

එහි උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර පැවසුවේ මුස්ලිම් දේශපාලනඥයින්ගේ උවමනාව මත ආණ්ඩුව මෙම තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි. 

නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් නෙත් නිවුස් ආණ්ඩු පාර්ශ්වයෙන්ද විමසීමක් කළා. අමාත්‍ය මනෝ ගනේෂන් ඒ පිළිබද අදහස් දක්වමින් කියාසිටියේ මෙම තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන්ද ඊට විරෝධය පළ කරන බවයි.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම ප‍්‍රකාශ කළේ නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් වාසි ලබාගැනීමට බවයි.