Friday, April 26, 2024

General line - 0115112241

"අබායා" හැදීම අනිවාර්ය නැහැ : සෞදියේ සංචාරය කරන කාන්තාවන්ට නිදහස දෙයි 

දිනුක් හේවාවිතාරණ




සිය රටෙහි සංචාරක කේෂ්ත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් කාන්තාවන් සඳහා පනවා තිබු ඇතැම් සීමා ලිහිල් කිරීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞදි අරාබියේ සංචාරය කරන කාන්තාවන් සඳහා මේ දක්වා අනිවාර්ය කර තිබු "අබායා" ඇඳුම අනිවාර්ය නොවන බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියේ සංචාරක කොමිසමේ ප්‍රධානි Ahmed al-Khateeb රොයිටර් පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටින්නේ එරට සංචාරය කරන කාන්තාවන්ට අබායා ඇඳුම මින් ඉදිරියට අනිවාර්ය නොවන බවත් මහ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන ඇතුළුව මුහුදු වෙරළවල් වලදී කාන්තාවන්ට විනීත ඇඳුම් ඇදීමට අවසර ලබාදීමට එරට රජය තීරණය කර ඇති බවයි.

කෙසේ වුවත් සෞදි අරාබිය තුල මත්පැන් භාවිතය තහනම් කරමින් පනවා තිබෙන නිතිය වෙනස් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

මේ අතර සෞදි අරාබිය විසින් සිය සංචාරක කේෂ්ත්‍රයේ ආයෝජනය කිරීමට විදේශීය සමාගම් සඳහා නව මාර්ගයක් විවෘත කරමින් රටවල් 49 ක් සඳහා නව වීසා වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අමෙරිකාව, ජපානය, චීනය සහ යුරෝපයේ රටවල් සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වැඩසටහන සම්බන්ධයෙන් වන සම්පුර්ණ නිවේදනය අද (27) දිනයේදී සෞදි රජය විසින් නිල වශයෙන් නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

වසර 2030 දී සෞදි අරාබිය සංචරක කේෂ්ත්‍රය තුල නව දියුණුවක් ලඟා කර දීමට එහි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් විසින් මෙම නව ක්‍රියා මාර්ග වලට එළඹීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.