Friday, April 26, 2024

General line - 0115112241

ගෝඨාගේ නඩුව ලබන වසරට කල් යයි

අධිකරණ වාර්තාකරු




ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාල නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 09 දා කැඳවීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද (15) නියෝග කළා.

මෙම නඩුවේ සාක්ෂි විමසීම දෙසැම්බර් මස 20 වැනිදා තෙක් සිදු නොකරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බැවින් නඩුවේ සාක්ෂි විමසීම අද දින සිදු නොකරන බව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද දැනුම් දුන්නා.

අද දින මෙම නඩුව විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවන ලදී.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ  කෞතුකාගාරය නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට  ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය ජනවාරි මස 11 වැනිදා  නිකුත් කළ නියෝගයට එරෙහිව අභියාචන පෙත්සම රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලදී.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනයේ සාක්ෂි විමසීම අද දින ආරම්භ කිරීමට නියමිතව තිබුණා. අද දින අධිකරණයේ පෙනී සිටි සාක්ෂිකරුවන්ට නැවත දැනුම් දීමක් ලැබුණු පසු අධිකරණයේ පෙනී සිටීමට දන්වන ලදි.