Friday, April 26, 2024

General line - 0115112241

පැපුවා නිව්ගිනියාව පන්දුවාර 20 ක්‍රිකට් වරම් දිනයි




පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියක් සඳහා සුදුසුකම් ලබාගැනීමට පැපුවා නිව්ගිනියාව සමත්වී තිබෙනවා.

ඒ, කලක් ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේ පෙරළිකාර ජයග‍්‍රහණ කිහිපයක් වාර්තා කළ කෙන්යාව පරාජය කරමින්. ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දත්තවලට අනුව කුමන හෝ ඉසව්වකින් පැපුවා නිව්ගිනියාව ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.

මෙම ජයග‍්‍රහණයත් සමග නෙදර්ලන්ත කණ්ඩායමේ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුව ද අවධානම් සහගත බවයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කළේ. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතයි.