Friday, April 26, 2024

General line - 0115112241

ෆේස්බුක් හරහා විජේදාසට අපහාස කළ නීතිඥයා සමාව ඉල්ලා පුවත්පත් දැන්වීමක් පළ කරයි




පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂට සමාජජාල ඔස්සේ අපහාස කිරීම සහ කීර්ති නාමයට හා ගෞරවයට හානි කළ බව කියන නීතිඥ ප්‍රධාන් ඒ. රණගල සමාව ඉල්ලමින් පුවත්පත් දැන්වීමක් පළ කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ නීතිඥ ප්‍රධාන් ඒ. රණගල වන තමන් ප්‍රධාන් ඒ. රණගල නමින් පවත්වාගෙන යනු ලබන ෆේස්බුක් ගිණුම මගින් පාර්ලිමේන්තු මන්ත්‍රි විජේදාස රාජපක්ෂට සිදු කළ අපහාස වන පරිදි පළකිරීම් සියල්ල සාවද්‍ය බව යනුවෙනි.

තවද මින් ඉදිරියට එවන් වූ ප්‍රකාශනයන් පළ කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකරන බවටද පොරොන්දු වෙන බවයි සඳහන් කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්‍ෂ විසින් රුපියල් මිලියන සියයක වන්දි මුදලක් ඉල්ලා නීතිඥ ප්‍රධාන් ඒ. රණගල නමැත්තාට එරෙහිව පසුගියදා එන්තරවාසි යවා තිබුණා. ඒ, සමාජජාල ඔස්සේ තමන්ට අපහාස කිරීමෙන් තම කීර්ති නාමයට හා ගෞරවයට හානි කළ බව පවසමින්.