Friday, April 26, 2024

General line - 0115112241

රට ගොඩනගන්න ඇමති සජිත් ජනතාවගෙන් ශක්තිය ඉල්ලයි




රට ගොඩ නැගීමේ සිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිය ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. කිලිනොච්චි ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස.

මේ අතර අද පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීමට තමන් කැප වී සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යළි අවධාරණය කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ කරුණු විකෘති කරමින් සහ වැරදි ලෙස නිරූපණය කරමින් අදහස් දක්වා ඇති බවයි. 

ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදා හැරීම තමන් “ඒකීය, නොබෙදුණු හා බෙදිය නොහැකි රටක් ” ලෙස හඳුන්වන බවත් තවත් අයෙකුට එය ඒකීය රාජ්‍යයක් ලෙස හැඳින්විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.