Friday, April 26, 2024

General line - 0115112241

පොලිස් වෙඩි පහරින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මරුට 




පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් මියගොස් තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 33 මිලිග්‍රෑම් 600 ක් සමග සැකකරුවෙක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ගාල්ල නගර සභාව ඉදිරිපිටදී ඊයේ (11)  දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු අද (12) දිනයේදී  ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත රැගෙන යාමට උත්සහ කිරීමේදී ඔහු පොලිස් නිලධාරියෙක්ව තල්ලු කර දමා පළා ගොස් ඇත. ඒ අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් සැකකරු තුවාල ලබා ඇති අතර ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇත.

මෙලෙස වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ පෝද්දල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි දිනේෂ් චමින්ද ලියනාරච්චි නම් පුද්ගලයෙක් වේ.

මෙම පුද්ගලයට එරෙහිව ගාල්ල මහාධිකරණය හමුවේ හෙරොයින් සම්බන්ධ නඩු 04ක් පවතින බව අනාවරණය වේ.