Wednesday, May 8, 2024

General line - 0115112241

ජනාධිපති සමාව ඉල්ලා වැලිකඩ අදත් විරෝධතා




රෝයල් පාර්ක් නඩුවේ චූදිතයාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් පළ කෙරුණා. මේ, ඊට එක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්.

මේ අතර තමන්ට ද ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්ලමින්, මරණ දඬුවම නියම වී වැලිකඩ බන්ධනාගාරයේ එච් වාට්ටුවේ රඳවා සිටින රැඳවියන් දෙදෙනෙකු එම වාට්ටුව පිහිටි ගොඩනැගිල්ලේ වහලය මතට නැග ආරම්භ කළ විරෝධතාව අද දිනයේ ද ක්‍රියාත්මක කෙරුණා. ඔවුන් එම විරෝධතාව ආරම්භ කළේ ඊයේ උදෑසන සිටයි. ඔවුන්ගේ සහයට අද වැලිකඩ බන්ධනාගාරයේ එල් වාට්ටුවේ රඳවා සිටින රැඳවියන් දෙදෙනෙකු ද වහළය මත නැග විරෝධතාවක නිරත වූ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ. කෙසේ වෙතත් අද එම විරෝධතාවට එක් වූ රැඳවියන් දෙදෙනා පස්වරුවේ විරෝධතාව අත්හැර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කලා.