Friday, April 26, 2024

General line - 0115112241

මැතිවරණ පැමිණිලි 3,800 ඉක්මවයි




ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට පැමිණිලි 3,821 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඉකුත් ඔක්තෝම්බර් 8 වන දින සිට ඊයේ දිනය දක්වා එම පැමිණිලි ලැබී ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.  ඉන් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,112 ක්.

පැමිණිලි 2,709 ක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. ඊයේ පස්වරු 4 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 92 ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ.