Thursday, January 30, 2025

General line - 0115112241

විපක්ෂ නායක අර්බුදය ගැන සාකච්ඡා කිරීමට එජාපෙ නායකයින් රනිල්ගේ නිවසට




විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (29) පැවැත්වුණා. එම සාකච්ඡාව පවත්වා ඇත්තේ, කොල්ලුපිටියේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදීයි.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසගේ පාර්ශවය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ මෙම සාකච්ඡාවට එක්ව තිබෙනවා.

මේ අතර, සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට රනිල් වික්‍රසිංහ මහතා කැමැත්තෙන් සිටින බවයි.