Friday, January 31, 2025

General line - 0115112241

වී මිල දී ගැනීමේ පාලන මිල ගැන නියෝජ්‍ය ඇමති නාමල් කතා කරයි




වී සඳහා ඉදිරියේදී පාලන මිලක් ස්ථිර වශයෙන්ම නියම කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ රජය වී මිලදී ගැනීම සඳහා මේ වන විටත් දිවයින පුරා ඇති වී අලෙවි මණ්ඩල සූදානම් කරමින් සිටින බවයි.

සියලු දේශපාලන පක්ෂ ඉදිරියේදී එක් කරගනිමින් ජනතාවගේ අයිතීන් වෙනුවෙන් රජයට බලපෑම් සිදු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රේමනාත් සී දොළ9ූවත්ත මහතා පවසනවා. 

හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දී තිබෙන්නේ ව්‍යවස්ථානුකූලව බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා. 

වරප්‍රසාද කප්පාදු කිරීමට අවශ්‍ය නම් පවතින ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.