77 වන නිදහස් උත්සවය මහජනතාවට නැරඹීමට වැඩි අවස්ථාවක් ලබා දෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ අවම වියදමකින් ජනතාව අපහසුතාවට පත් නොකරමින් නිදහස් උත්සවය පැවැත්වීමට රජය මේ වන විටත් සැලසුම් කරන බවයි.
පෙළපාළියට සහභාගි වන යුද හමුදා සාමාජිකයින් සියයට 40 දක්වා අඩු කිරීමට තීරණයක් ගත් බවයි මෙහිදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේ.
නිදහස් දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ.