Friday, January 31, 2025

General line - 0115112241

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් CIDය වෙත පැමිණිල්ලක්




බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. 

ඒ, ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලද කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින්. 

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කියා සිටියේ එල්ල වී ඇති චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.