අමෙරිකානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් සහ හමුදා හෙලිකොප්ටරයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගල මළසිරුරු 30ක් සොයාගෙන තිබෙනවා.
කෙසේවෙතත් නිශ්චිත මරණ සංඛ්‍යාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අනතුරෙන් විපතට පත්වූවන් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.
මේ වන විට වොෂින්ටන් ගුවන්තොටුපළේ ශීත කාලගුණයක් පවතින අතර රාත්‍රි කාලයේදී ශීත කාලගුණයේ ඉහළයාමක් සිදු විය හැකි බවයි වාර්තා වන්නේ.
පොටෝමැක් ගඟේ ජලයද අයිස් බවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
මෙම ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයෙකු විනාඩි 15ත් 30ත් අතර කාලයකදී සිහිසුන් භාවයට පත් වීමට හැකි බවයි වාර්තා වන්නේ.
යානය අනතුරට ලක්වන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 60 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 04 දෙනෙකු සිට තිබෙනවා.
එමෙන්ම අමෙරිකාවේ හමුදා සෙබළුන් තිදෙනෙකු හමුදා හෙලිකොප්ටරයේ සිට ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය සඳහන් කළේ.