Friday, April 26, 2024

General line - 0115112241

පළාත් 04 කට මිලි මීටර් 100 ඉක්මවූ වැසි




ප්‍රදේශ රැසකට අද පස්වරුවේදීත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

බදුල්ල, මොණරාගල, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ත් 100 ත් දක්වා වන තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.