Friday, April 26, 2024

General line - 0115112241

නව දිල්ලි නුවර ඛේදවාචකය 




ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි ගමන් මලු නිපදවනු ලබන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නකින් එහි සේවය කරමින් සිටි පුද්ගලයින් 43 දෙනෙක් මියගොස් තිබෙනවා. ගින්න අද (08) අළුයම 5.00 ට පමණ හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ගින්න හටගත් අවස්ථාවේ එම කර්මාන්තශාලාවේ සේවය කරමින් සිටි සේවකයින් 50 දෙනෙකු පමණ සිට ඇති බවත් ඉන් බොහෝ දෙනෙක් නින්දේ පසුව ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මේ දක්වා අනාවරණය වී නොමැති බවයි ඉන්දීය බලධාරීන් සඳහන් කරන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 30 ක් යෙදෙවූ බවයි ගිනි නිවීමේ ඒකකය සඳහන් කරන්නේ.

නව දිල්ලි නුවර ඇතිවූ මෙම ඛේදජනක සිදුවීම සම්බන්ධයෙන් ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාද සිය සංවේගය පළකර තිබෙනවා.