Friday, April 26, 2024

General line - 0115112241

ජනපති අගමැති ගෞරව මැද මන්ත්‍රී රංජිත් සොයිසා අවසන් ගමන් යයි

සුනිල් හරිස්චන්ද්‍ර




අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (08) පස්වරුවේ ගොඩකවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කෙරුණා. දේහයට අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද  අවසන් ගෞරව දැක්වුවා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතාගේ දේහය තැන්පත් කර ඇති රත්නපුර, ගොඩකවෙල මස්ඉඹුල ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද, මන්ත්‍රීවරයාගේ දේහයට අද අවසන් ගෞරව දැක්වූවා. පසුව රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා ඉකුත් 04 වනදා අභාවප්‍රාප්ත වුණා.