Friday, April 26, 2024

General line - 0115112241

ආරක්ෂක විෂය පිළිබඳ ප්‍රවීණයෙකු පාස්කු ප්‍රහාරය ගැන අදහස් පළ කරයි




පාස්කු ඉරුදින ප‍්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ නිශ්චිත බුද්ධි තොරතුරු බරපතළ ලෙස භාර නොගෙන කටයුතු කිරීම මෙරට ආරක්ෂක අංශ සිදුකළ වරද බව ආරක්ෂක විෂය සම්බන්ධයෙන් ප‍්‍රවීණයකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ ප‍්‍රහාරය සිදුවන දිනය සහ වේලාව පවා ඉන්දියාව ලබාදී තිබූ බවයි.

මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කර කරුණු වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

එහිදී මහාචාර්ය රොහාන් ගුණරත්න වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ප‍්‍රහාරය සිදුවන අවස්ථාව වන විට රජය ජාතික ආරක්ෂාවට නිසි තැන ලබාදී කටයුතු කර නොමැති බව සිදුවීම් අධ්‍යයනය කරන විට පෙනී යන බවයි.