Friday, April 26, 2024

General line - 0115112241

දෙසැම්බර් 20ට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවන්නැයි ඉල්ලමින් රනිල්ට ලිපියක්




මේ මස 20 වන දිනට පෙර එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය කැදවන ලෙස ඉල්ලමින් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 27 දෙනෙකුගේ අත්සනින් යුතුව පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් භාරදී තිබෙනවා.

එම ලිපියට අත්සන් තබා ඇති පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 25 දෙනෙකුද වනවා. ඊට අමතරව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වන ඉමිතියාස් බාකිර් මාකර් සහ රෝසි සේනානායකද එම ලිපියට අත්සන් තබා තිබෙනවා.