Friday, April 26, 2024

General line - 0115112241

අඩු කළ බදුවල වාසිය ජනතාවට දෙන්න ආණ්ඩුව වැඩ අරඹයි




මෙම මස පළමු වනදා සිට වැට් සහ අනෙකුත් බදු වර්ග අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය අනුව ඉදිරියේදී භාණ්ඩ රැසක මිළ ගණන් අඩුවනු ඇති බව අභ්‍යන්තර වෙළද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයර්ශන යාපා පවසනවා. 

ඒ සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අවශ්‍ය කටයුතු සිදුකර ගෙන යන බවයි නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ.

ලබා දුන් බදු සහන මහජනතාව වෙත සත්‍ය ලෙසම ගලා යන්නේදැයි සොයා බලන ලෙස ජනාධිපතිි ගෝඨාභය රාජපක්ෂ මහතාද ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට ඉකුත්දා උපදෙස් ලබාදී තිබුණා. ඒ, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායම ඉකුත් බ‍්‍රහස්පතින්දා රැස්වූ අවස්ථාවේදීයි.