Friday, April 26, 2024

General line - 0115112241

"කබඩි ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාගය දෙන්න එපා" - කබඩි සම්මේලනය




මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී කබඩි කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පිරිනැමෙන මුදල් ත්‍යාගය ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී ශී‍්‍ර ලංකා කාන්තා කබඩි කණ්ඩායම දැක්වූ දුර්වල කී‍්‍රඩා විලාශය හේතුවෙන්. 

කබඩි කාන්තා ඉසව්ව සඳහා ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකාව තරග වැදුණු අතර ශී‍්‍ර ලංකා කබඩි කී‍්‍රඩිකාවන් සියලු තරග පරාජයට පත් වුණා. එසේ තිබියදීත් ඔවුන්ට ලෝකඩ පදක්කම හිමිවූයේ එම ඉසව්ව සඳහා කණ්ඩායම් 4ක් පමණක් සහභාගි වී සිටීම හේතුවෙන්. 

දකුණු ආසියානු කී‍්‍රඩා උළෙල ඉලක්ක කර ගනිමින් මාස අටක් තිස්සේ කබඩි කි‍්‍රඩිකාවන්ට කී‍්‍රඩා අමාත්‍යංශයේ පූර්ණ අනුග‍්‍රහය යටතේ නේවාසික පහසුකම්, ආහාර සහ වෛද්‍ය පහසුකම් ද ඇතුළත්ව පුහුණු අවස්ථා ලබාදීමට කබඩි සම්මේලනය කටයුතු කර තිබුණා. එහෙත් කී‍්‍රඩා අමාත්‍යංශය කබඩි කී‍්‍රඩිකාවන් වෙනුවෙන් ලබාදුන් අවස්ථාව සඳහා එම කී‍්‍රඩිකාවන් මෙවර දකුණු ආසියානු කී‍්‍රඩා උළලේදී සාධාරණයක් ඉටු නොකළ බවයි ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය පවසන්නේ.

ඒ අනුව ලෝකඩ පදක්කම වෙනුවෙන් කබඩි කී‍්‍රඩිකාවන්ට පිරිනැමෙන මුදල් මෙවර රිදී පදක්කමක් දිනා ගනිමින් ඓතිහාසික ජයක් ලැබූ කබඩි පිරිමි පිලට ලබාදීමට හෝ ග‍්‍රාමීය කබඩි කී‍්‍රඩාව නැංවීමට යොදා ගන්නා ලෙසද ශී‍්‍ර ලංකා කබඩි සම්මේලනය කී‍්‍රඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබෙනවා.