Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්ථානය කරච්චි පිටියේදී ප්‍රබල ස්ථානයක




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයේ වැඩි වාසි අත්කර ගැනීමට පාකිස්ථානු කණ්ඩායම සමත්ව සිටිනවා. තුන්වන දිනය නිමා වන විට පාකිස්ථානු කණ්ඩායම කඩුලු 02 ක් දැවී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 395 ක්.

පාකිස්ථානු ආරම්භක පිතිකරුවන් යුගල වන ශාන් මසූඞ් සහ අබිඞ් අලී ශතක වාර්තා කරමින් පළමු කඩුල්ලට ලකුණු 278 ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වුණා.

පාකිස්ථානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 191 ක් රැස් කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිමට ලකුණු 271 ක් රැස් කළා. ඒ අනුව, පාකිස්ථානු කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 315 ක් ඉදිරියෙන් සිටිනවා. තරඟය පැවැත්වෙන්නේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදීයි.