Friday, April 26, 2024

General line - 0115112241

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරගැනීමට වැඩපිළිවෙලක්




කසල වෙන්කර බැහැර කිරීම තවදුරටත් දිරිගැන්විය යුතු බව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පවසනවා.

ඒ සඳහා වෙන්කළ කසල එකතු කෙරෙන යාන්ත‍්‍රණය වඩාත් ශක්තිමත් කළ යුතු බවයි එහි අධ්‍යක්‍ෂ නලින් මාන්නප්පෙරුම පෙන්වා දෙන්නේ.

ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදී මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණා. 

ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය භාරගැනීම සඳහා වූ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.