Friday, April 26, 2024

General line - 0115112241

අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න : යලි ව්‍යාපාර ආරම්භ කිරීමට බැංකු හරහා ණය 




සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් වෙනුවෙන් සහන පැකේජයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා ක්‍රම පිලිබඳ රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ අමාත්‍යවරයා පවසනවා.

මෙම සහන පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය සක්‍රිය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයින්ට සේම අක්‍රිය මට්ටමේ සිටින ව්‍යාපාරිකයින්ටද සහන හිමිවන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. සියයට 6.5 ක ආර්ථික වර්ධනයක් අත් කර ගැනීමේ රජයේ ඉලක්කය වෙනුවෙන් ව්‍යාපාරිකයින් ගේ සක්‍රිය දායකත්වය ලබා ගැනීමට මෙමගින් හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 

මේ යටතේ ණය තොරතුරු කාර්යාංශයේ අසාදු ලේඛන ගතව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට ද යළිත් ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

නව රජය විසින් සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විටත් නොගෙවා පැහැර හැර ඇති ණය අයකර ගැනීම සඳහා ගනුලබන නීතිමය කටයුතු අත්හිටුවන ලෙස සියලුම බැංකු වෙත නියෝග කර ඇත.

ඒ අනුව, යෝජිත ණය සහන පැකේජය මඟින් වසා දමා ඇති ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත ආරම්භ කිරීමටත්, දැඩි මුල්‍ය දුෂ්කරතාවයන් සහිතව ව්‍යාපාර පවත්වාගෙන යන ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීමටත් පහත සඳහන් සහන යෝජනා කර ඇත.