Friday, April 26, 2024

General line - 0115112241

එල්ල වීමට ගිය ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්දියාව වලක්වා ගනීයි




ඉන්දීය ජනරජ දිනය ඉලක්ක කර ගනිමින් සිදුකිරීමට සැලසුම් කළ බව කියන ත්‍රස්ත ප්‍රහාරයක් වලක්වා ගැනීමට ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයේ පිහිටි ශ්‍රීනගර් පොලිසිය සමත්ව තිබෙනවා. මෙම ප්‍රහාරය සැලසුම් කළ බව කියන ත්‍රස්තවාදීන් පස් දෙනෙකු සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සමගින් ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පාකිස්ථානයේ සිට ක්‍රියාත්මක වන ජෙයිෂ්-ඊ-මොහොමඩ් ත්‍රස්ත කල්ලිය විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බවයි ඉන්දීය ආරක්ෂක අංශ අනාවරණය කර ගෙන ඇත්තේ.

මෙම ප්‍රහාරය සඳහා යොදා ගැනීමට සුදානම් කර තිබු ජෙලට්නයිට් වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය අඩංගු කූරු 143ක්, තවත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 07ක්, ඩෙටනේටර් 42ක්, මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක්, ගමන් කථනයක් සහ බෝම්බ පුපුරුවා හැරීමට යොදා ගන්නා දුරස්ථ පාලකයක්, කුඩා ප්‍රමාණයේ ස්යංක්‍රිය ගිනි අවියක්, CD පටයක් ඉන්දිය ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබෙනවා.