Friday, April 26, 2024

General line - 0115112241

හිටපු නාවික හමුදාපති ඇතුළු 14කට නොතිසි නිකුත් කරයි 




හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇතුළු 14 දෙනෙකුට ජනවාරි මස 24 දා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ත්‍රිපුද්ගල අද (22) නොතීසි නිකුත් කරනු ලැබුවා.

ඒ 2008 සහ 2009 යන වසර වලදි කොළඹ හා ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන් 11ක් පැහැර ගෙන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවක් සම්බන්ධයෙනි. 

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, නාවික හමුදාවේ නිළධාරීන් වන D.K.P. දසනායක, සම්පත් මුණසිංහ, සුමිත් රණසිංහ, ඩිලන්ක සේනාරත්න, නලින් ප්‍රසන්න වික්‍රමසූරිය, ඇන්ටන් ප්‍රනාන්දු , රාජපක්ෂ පතිරනලගේ කිත්සිරි, අරුණ තුෂාර මෙන්ඩිස්, කත්‍රිආරච්චිගේ ගාමිණී, චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් නේවි සම්පත්, උපුල් චමින්ද, නන්දප්‍රිය හෙට්ටිහැන්දි සහ සම්පත් ජනක පෙරේරා යන අයට ජනවාරි මස 24 දා ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමට සිතාසි නිකුත් කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.