Friday, April 26, 2024

General line - 0115112241

ලයිෂන් ගන්න වෛද්‍ය පරීක්ෂණය සඳහා වේලාව වෙන්කර ගැනීමට අන්තර්ජාල යෙදවුමක්




රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ වලට දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා අන්තර්ජාල යෙදවුමක් අද (22) හදුන්වා දුන්නා. ඉකුත්දා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හදිසි සංචාරයක් සිදු කළ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා නිළධාරීන්ට එහිදී උපදෙස් ලබාදුන්නේ කඩිනම් සේවාවක් ලබා දීමට පියවර ගන්නා ලෙසයි.

රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ වලට දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා අන්තර්ජාල යෙදවුමක් හදුන්වාදීම ඒ අනුව සිදු කෙරුණා. මෙම නව අන්තර්ජාල යෙදවුම මගින් ලබන සඳුදා සිට සේවාව ලබා ගත හැකි බවයි මගීප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ.

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී මහජනතාවට මුහුණ දීමට සිදුවන පිඩා පිළිබඳ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනින්ද අවස්ථා කිහිපයකදීම අනාවරණය කෙරුණා. වෛද්‍ය පරීක්ෂණයට පෙනී සිටි වෛද්‍ය වාර්තාව ලබා ගැනීම සඳහාද අනවශ්‍ය කාලයක් රස්තියාදු වීමට මහජනතාවට සිදු වන බවයි එහදී වැඩිදුරටත් අනාවරණ කෙරුණේ.