Friday, April 26, 2024

General line - 0115112241

CID හිටපු ප්‍රධානි ශානිගෙන්, CIDයට පැය 06ක ප්‍රකාශයක්




අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (23) පැය 06 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා ගත්තා. ඒ, ස්විට්සර්ලන්ත තානාපති කාර්යයාල නිලධාරිනි ගානියා බැනිස්ටර් පැහැරගෙන ගිය බව කියන සිද්ධියට අදාළව බවයි වාර්තා වන්නේ.

අද පෙරවරු 09.15 ට පමණ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මේ වනවිට වැඩ තහනමට ලක්ව සිටිනවා.