Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා වෛරසය පැතිරීම දින 12ක් හැංගුවේ මධ්‍යම රජයේ උපදෙස් මතයි : වුහාන් නගරාධිපති කියයි (VIDEO)




චීනයේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරස් රෝගය සම්බන්ධයෙන් කල්තියා දැනුවත් නොකිරිම සම්බන්ධයෙන් වුහාන් ප්‍රාන්තයේ නගරාධිපතිවරයාට දැඩි විවේචනයක් එල්ලවෙමින් තිබෙනවා. කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වුහාන් ප්‍රාන්තයෙන් වාර්තාවී ඇත්තේ ඉකුත් දෙසැම්බර් මස 08 වෙනිදා වුවත් ඉන් දින 12ක් ගතවන තුරු ඒ සම්බන්ධයෙන් කිසිදු පුවතක් පිටතට නොදීමට එම ප්‍රාන්ත බලධාරින් පියවර ගෙන තිබුනේ නැහැ.

කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් චීනයේ CCTV පුවත් සේවය සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් වුහාන් නගරයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ මධ්‍යම රජයේ උපදෙස් අනුව තමන්ට කටයුතු කිරීමට සිදුවූ බවයි.

"අපට විවිධ අනුමැතියන් ගැනීමට සහ අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග තිබෙනවා. අපි ප්‍රාන්ත ආණ්ඩුවක් පමණයි. මධ්‍යම රජයේ අවසරය ලැබෙන තෙක් සිටින්න අවශ්‍යයි. අපට උපදෙස් ලැබුනා මේ රෝගය සම්බන්ධයෙන් නිල වශයෙන් ප්‍රකාශ කරන්න දෙසැම්බර් 20 වෙනිදා. නමුත් මේ සම්බන්ධයෙන් චෝදනාවට ලක්විය යතු එකම පුද්ගලයා මා පමණක් නොවේ" වුහාන් ප්‍රාන්ත නගරාධිපතිවරයා කියා සිටියා.

මෙම මාරාන්තික වෛරස් රෝගය පතිරිම නිසා වුහාන් නගරයේ ජනතාවට ඉන් පිටව යාම තහනම් කරත් ඒ වන විටත් නගරයේ සිටි ජනතාවගෙන් මිලියන 5ක පිරිසක් ඉන් පිටව ගොස් තිබු බවයි පසුව වාර්තා වුයේ. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මේ හේතුවෙන් කොරෝනා වෛරසය ලොවපුරා පැතිරිමේ අවධානම ඉහල යාමට හේතුවක් වී ඇති බවයි.