Friday, April 26, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවිරට එරෙහිව වරෙන්තුව ආපසු කැඳවයි 




රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීරට එරෙහිව ඊයේ දින නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළා. 

අද දින රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා සිය නීතිඥවරයා සමග අධිකරණයට ඉදිරිපත් වූ අතර එහිදී ඔහු රුපියල් 7500 ක අමතර ඇපයක් මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළා. 

අධික වාහන තදබදය නිසා නියමිත වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. 

මහජනයාට හිරිහැර වන පරිදි සහ රථ වාහන වල ධාවනයට බාධා ඇති වන පරිදි කොළඹ බෞද්ධාලොක මාවතේ උද්ඝොෂනයක් සංවිධානය කළැයි කියන  චොදනා සම්බන්දයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවoශ මහතා ඇතුලු හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කරනු ලැබුවා. 

ඊයේ දින මෙම නඩුව කැදවූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අධිකරණයේ පෙනී නොසිටි බැවින් ඔහු අත් අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදී.     

2016 වසරේ පෙබරවාරි මස 6 දා ජාතික නිදහස් පෙරමුණ පක්ෂය මගින් එක්ෂත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමිෂමේ සෙයිඩ් රාද් අල් හුසේන් කුමරුගෙ පැමිණීමට එරෙහිව මෙම පුද්ගලයින් මෙම උද්ඝොෂණය සංවිධානය කර ඇති බව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත. නිසි බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරමින් මාර්ග වල රථ ධාවනයට බාධා පමුණුවමින් මෙය සංවිධානය කර ඇති බවට පොලිසිය චෝදනා කර සිටියි.