Friday, April 26, 2024

General line - 0115112241

හංසයාට කැමති වුණත් එජාපයට තවත් අවුලක්




එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සමගි ජන බලවේගය මහ මැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් වුණා. එම සාකච්ඡාවට පෙර අද (19) පෙරවරුවේ රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේ ඉදිරි මහ මැතිවරණයට හංසයා ලකුණ යටතේ සමගි ජන බලවේගයෙන් තරග කිරීමටයි.

ඒ අනුව හංසයා ලකුණට අනුමැතිය ලබාගැනීම සදහා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් අද පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණ සාකච්ඡාවක නිරත වුණා. කෙසේවෙතත් එහිදී අවසන් විසදුමකට එළැඹීමට නොහැකි වූ බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේ.

සාකච්ඡාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගෙන්ද මාධ්‍යවේදීන් ඒ පිළිබද ප්‍රශ්න කළා.

මේ අතර අද රාත්‍රි 7.30 සිට නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ ප්‍රචාරය කෙරෙන නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට එක්වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයි.