Friday, April 26, 2024

General line - 0115112241

 ෂැංග්‍රිලා බෝම්බකරුගේ පියා ඇතුළු 06 දෙනා යලි රිමාන්ඩ් 




පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හරිනු ලැබූ මොහොමඩ් ඉල්හාම් අහමඩ් යන අයගේ පියා වන දෙමටගොඩ ප්‍රදේශයේ ව්‍යාපරික මොහොමඩ් ඊබ්‍රාහිම් නැමැත්තා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු මාර්තු මස 13 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

අද දින මෙම සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අතර සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වන බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා.   

එබැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදී.   

මෙම සැකකරුවන් දීර්ඝ කාලයක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරයේ රදවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. ඔවුන් රදවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් රැදවුම් නියෝග නිකුත් කර තිබුණි.