Friday, April 26, 2024

General line - 0115112241

මීගමුව පෙරියමුල්ලේ හෝටලයක ගැටුමක් - තියුණු ආයුදයකින් පහර දී පුද්ගලයෙක් ජීවිතක්ෂයට




මීගමුව පෙරියමුල්ල ප‍්‍රදේශයේ පිහිටි හෝටලයකදී දෙපිරිසක් අතර ඊයේ රාති‍්‍රයේ හටගත් ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය පැවසුවේ අදාළ හෝටලය වෙත පැමිණි 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එම හෝටලය තුළ මැත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේදී, හෝටලයේ හිමිකරු සහ සේවකයින් ඊට විරුද්ධ වී ඇති බවයි.

එහිදී දෙපාර්ශවය අතර ආරවුලක් හට ගෙන ඇති අතර, පැමිණි පිරිස විසින් හෝටලයේ හිමිකරුට සහ සේවකයින්ට තියුණු ආයුදයකින් පහරදී පළා ගොස් තිබෙනවා.

පහරකෑමට ලක්වූ වෙළඳසැල් හිමිකරු ඇතුළු සේවකයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ප‍්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේදී එක් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.

එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි කැකිරාව, ගනේවැල්පොල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් පැමිණි වෑන්රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.