Friday, April 26, 2024

General line - 0115112241

"පවතින තත්ත්වය හමුවේ ගමේ විහාරස්ථානවලට වැඩි වගකීමක් පැවරෙනවා"




කොරෝනා තත්ත්වය හමුවේ ගෙන ඇති පියවර නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේදී ගමේ විහාරස්ථානය මූලිකත්වය ගතයුතු බව නෙල්ලිගල ජාත්‍යන්තර  බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන් පවසනවා.

උන්වහන්සේ සදහන් කළේ ගමේ විහාරස්ථානය ප‍්‍රමුඛතාවය ගෙන ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කටයුතු කළයුතු බවයි.

පවතින තත්ත්වයන් හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබද සොයා බලා ඊට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධීකරණය කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය හරහා මේ වනවිටද සිදුවනවා.

මෙලෙස පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා අපි ජාතික බලවේගය හා නෙත් එෆ් එම් රේඩියෝව එක්ව පුළුල් වැඩපිළිවෙලක්ද කි‍්‍රයාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.