Friday, April 26, 2024

General line - 0115112241

පානදුර ප්‍රදේශයේ අසරණ වූ පවුල් සඳහා පොලිසිය පිහිට වෙයි (PHOTOS)




කොරෝනා රෝගයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව පිළිබද සොයා බලා ඊට අවශ්‍ය සහන සැලසීම සම්බන්ධීකරණය කොවිඞ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ නෙත් නිවුස් මෙහෙයුම් මැදිරිය හරහා මේ වනවිටද සිදුවනවා.

ඊට ලැබුණු තොරතුරකට අනුව නෙත් නිවුස් කළ දැනුම්දීම මත ආහාර සපයා ගැනීමට නොහැකිව සිටි පවුල් වෙත ආහාර ලබාදීමට පානදුර උතුර පොලීසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් වනිගතුංගගේ මූලිකත්වයෙන් ප‍්‍රජා පොලිස් ඒකකය කටයුතු කළා.