Friday, April 26, 2024

General line - 0115112241

ස්වයං නිරෝධායන නීති උල්ලංඝණය කළ අයෙක්ට මාස 03 ක සිර දඬුවම්




ස්වයං නිරෝධායන නියෝග කඩ කිරිම හේතුවෙන් පුද්ගලයෙක්ට මාස 03ක කාලයක් සිර දඬුවම් නියම කර තිබෙනවා. 31 හැවිරිදි මෙම පුද්ගලයා හොංකොං බලධාරින්ට තමන්ගේ නම සහ පදිංචි ලිපිනය වසන් කරමින් අසත්‍ය තොරතුරු ලබාදී ඇත.

ඒ අනුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහුව දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් කොට පසුව මාස 03ක සිර දඬුවම් ලබාදීමට එරට බලධාරින් පියවර ගෙන ඇත.

හොංකොං රාජ්‍යයට පැමිණෙන සියලුම පුද්ගලයින් හට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනය වීම අනිවාර්ය කර තිබෙනවා.
මෙම පුද්ගලයා පසුගිය මාර්තු මස 08 වෙනිදා හොංකොං රාජ්‍යට පැමිණ ඇත.

මේ වන විට හොංකොං හි කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 641ක් දෙනෙක් සොයා ගෙන ඇත.