Friday, April 26, 2024

General line - 0115112241

මීගමුව පෝරුතොටත් වසා දැමේ - ඇතැමෙකුගේ නොසැලිකිලමත්කම හේතුවෙන් රටම අවදානමක




මීගමුව රෝහලේදී ඊයේ දිනයේ් ජීවිතක්ෂයට පත් වූ නව කොරෝනා ආසාදිතයා පදිංචිව සිටි මීගමුව පෝරුතොට ප‍්‍රදේශය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. 

ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ අදාළ පුද්ගලයාගේ නිවසේ සිටි පුද්ගලයින් 16 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි. 

ඇතැම් පුද්ගලයින් සාවද්‍ය තොරතුරු ලබා දීම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය කිරීමට බරපතළ ගැටලූවක් වී ඇති බව ද ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ වැඩිදුරටත් පැවසුවා. 

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම හේතුවෙන් මතුව ඇති අර්බුදවලට විසඳුම ජනතාවගේ හැසිරීම මත තීරණය වනු ඇති බව මේ සම්බන්ධ‍යෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් පෙන්වා දුන්නා.