Friday, April 26, 2024

General line - 0115112241

නිරෝධායනය වන පිරිසටත් PCR පරීක්ෂණ




නිරෝධායන කි‍්‍රයාවලියට ලක්වන සියළු දෙනා කොරෝනා රෝගය හදුනා ගන්නා විශේෂ PCR පරීක්‍ෂණයට ලක් කිරීමට තීරණය කර තිබෙනවා. ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම සදහන් කළේ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින සියලූ දෙනා දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවෙස් බලා යාමට පෙර මෙම පරීක්‍ෂණයට ලක්කරන බවයි. 

එමෙන්ම ස්වයං නිරෝධායනයට ලක් කරන පිරිස් ද PCR පරීක්‍ෂණයට ලක් කිරීමට තීරණය කර ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා.  

මේ අතර ශී‍්‍ර ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සහ ඉදිරි අනතුර පිළිබද විද්‍යාත්මක දත්ත සමග සිදුකෙරෙන නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහන අද රාතී‍්‍ර 7.30 ට ප‍්‍රචාරය කෙරෙනවා. 

එයට සහභාගි වන්නේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන හා ජීවන රටා සහ මනෝ විද්‍යා උපදේශක වෛද්‍ය ලසන්ත විජේසේකරයි. ඇදිරි නීිතිය සමයේ නිවෙස් තුළට වී සිටින මේ මොහොතේ මානසික සෞඛ්‍ය ශක්තිමත්ව තබාගත හැකි ක‍්‍රම පිළිබදවද මෙහිදි සාකච්ඡා කෙරෙනවා.