Friday, April 26, 2024

General line - 0115112241

නිවසේ සිට වැඩ කිරීමේ සාර්ථකත්වය නිසා ට්විටර් සේවකයින්ට කැමති කාලයක් නිවසේ සිට වැඩ කිරීමට අවස්ථාව




කැමති තරම් කාලයක් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් ආයතනය එහි සේවකයන්ට අවසර දී තිබෙනවා.

කොවිඞ්-19 හෙවත් නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් නිවසේ සිට සේවය කිරීමට ට්විටර් සේවකයන්ට මුල්වරට අවසර ලබා දුන්නේ ඉකුත් මාර්තු මාසයේයි.

එහි සාර්ථකත්වය සැලකිල්ලට ගෙන ඔවුන් නව තීරණයට එලෙඹ තිබෙනවා.

මේ අතර නව කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් ඉන්දියාව අමෙරිකානු ඩොලර් බිලියන 264ක සහන පැකේජයක් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. රූපවාහිනි මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ මෙය ඉන්දීය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10ක් පමණ බවයි.

රැකියා අහිමි වූවන්ට සහ තර්ජනයට ලක්වූ ව්‍යාපාරිකයන්ට මෙම සහන පැකේජය යටතේ ප‍්‍රමුඛ අවධානය යොමු වනවා. රට වසා දමමින් පැණවූ රීති මැයි 17 වැනිදායින් පසුවටත් දීර්ඝ විය හැකි බවයි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.