Friday, April 26, 2024

General line - 0115112241

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රේෂ්ඨාධිකරණය සෙනසුරාදා දිනවල නඩු කැඳවීමට යයි




මෙරට අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සෙනසුරාදා දිනවල නඩු කටයුතු කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. කොරෝනා වසංගතය හේතුවෙන් සලකා බැලීමට නොහැකි වූ පෙත්සම් මෙලෙස මැයි මස 30 වන සෙනසුරාදා සහ ජූනි මස 13 සෙනසුරාදා දිනවලදී ද කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

පසුගිය මාර්තු මස 23 දින සිට මැයි මස 06 දින තෙක් අතපසු වී ඇති නඩු කටයුතු මේ අනුව කැදවීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා පාර්ශ්වයන් වෙත දැනුම් දී ඇත.