Friday, April 26, 2024

General line - 0115112241

සයිබර් ප‍්‍රහාර එල්ල කරන පාර්ශව ඉදිරියේදී නීතිය හමුවට ගෙන එනවා - විදේශ අමාත්‍යවරයා කියයි




මෙරට රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාර එල්ල කරන පාර්ශව ඉදිරියේදී නීතිය හමුවට ගෙන එන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ‘‘ටැමිල් ඊලාම් සයිබර් ෆෝර්ස්’’ නම් කණ්ඩායමක් අද දිනයේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ ශ‍්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක් එල්ල කළ අතර ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. 

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සහ ශී‍්‍ර ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිල වෙබ් අඩවිවලට අද එල්ල වූ සයිබර් ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන ද මෙලෙස අදහස් පළ කළා.