Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා ආසාදනය වූ රෝගීන් 08 දෙනෙක් වාර්තා වෙයි




නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සෙබලූන් 22 දෙදෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි. සුවය ලැබූ නාවික හමුදා සෙබලූන් තවදුරටත් සෞඛ්‍ය උපදෙස් මත දින 14 ක නිරෝධායන කි‍්‍රයාවලියකට යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. 

මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 08 දෙනෙකු අද වාර්තා වුණා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,566 ක්. ඉන් ආසාදිතයින් 781 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 775 දෙදෙනෙකු පමණයි. 

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ රාජකාරිවල නිරත වී සිටි යුද්ධ හමුදා සාමාජිකයෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහුගේ පවුලේ සාමාජිකයින් ද මේවනවිට ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නෙත් නිවුස් වෙත පැවසුවේ.