Friday, April 26, 2024

General line - 0115112241

"දියුණු වෙන්න අවශ්‍ය වන්නේ රටේ ප්‍රමාණය නොවේ හිතේ ප්‍රමාණයයි"




මිනිසුන් තුළ ආකල්පමය වෙනසක් ඇත්නම් රටක් දියුණු කිරීමට ධනවත් භාවයක් අවශ්‍ය නොවන බව පොලිස් නීති දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

එබැවින් කුඩා කල සිටම දරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීමට මව්පියන් ඇතුළු සියලූදෙනා කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. 

රට සහ ජාතිය පිළිබඳ හැගීම කුඩා කල සිටම දරුවන්ට හුරු කරවීම ද සිදුකළ යුතු බවයි ඔහු මෙහිදී සඳහන් කළේ. 

නෙත් එෆ්. එම්. රේඩියෝව ඔස්සේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. සජීවිත වැඩසටහනට එක්වෙමින් පොලිස් නීති දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙම අදහස් පළ කළා.