Friday, April 26, 2024

General line - 0115112241

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට ප‍්‍රමුඛතාව




පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අනුගමනය කළ යුතු උපදෙස් ඇතුළත් ක‍්‍රමවේදයක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට චක‍්‍රලේඛයක් මගින් දැනුම් දී තිබෙනවා.

ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ නිර්දේශ මත එම කටයුතු සිදුකළ යුතු බවයි එහි දැක්වෙන්නේ. යළි පාසල් ආරම්භ කිරීමේදී උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන්ට ප‍්‍රමුඛතාව ලබාදිය යුතු වනවා. 

එමෙන්ම පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව තීරණය කිරීම සඳහා සෞඛ්‍ය තත්ත්වයන් සහ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් සැලකිල්ලට ගත යුතුයි.  පාසල් ආරම්භ කරන දිනය ප‍්‍රකාශයට පත්කළ පසු මෙම ක‍්‍රමවේදයට අනුව පාසල් පවත්වාගෙන යා යුතු බවයි පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට යොමු කළ චක‍්‍රලේඛයේ දැක්වෙන්නේ.