Friday, April 26, 2024

General line - 0115112241

"ඉටුකම’’ තුළින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කළ අනාවරණය




සෙසු රටවල් හා සැසඳීමේදී ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් වී ප්‍රතිකාර ලබමින් සිට සුව වී රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ සියලූ විද්‍යුත් නාලිකාවල අද (31) පෙරවරුවේ සමගාමීව විකාශය කෙරුණුි "ඉටුකම’’ කොවිඞ් -19 අරමුදල සහ රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳ පැහැදිළි කෙරුණු විශේෂ වැඩසටහනට එක්වෙමින්.

මේ වනවිට විදෙස්රටවල සිට පැමිණි 516 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ඔහු මෙහිදී සඳහන් කළේ. 

ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ද මෙම වැඩසටහනට එක්වුණා. 

අද පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා මෙරට සියලූ විද්‍යුත් නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරුණු මෙම වැඩසටහන සඳහා සංවිධාන ශක්තිය ලබාදුන්නේ ශී‍්‍ර ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසදයයි.